කටුනායක දෙවන විශාලතම රත්‍රන් වැටලීම සිදු කරයි..
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ රේගු ඉතිහාසයේ දෙවන විශාලතම රත්‍රං වැටලීම අද සිදුවුණු අතර එහිදී රුපියල් කෝටි 40 කට අධික වටිනා කමකින් යුත් රත්‍රං සොයා ගැනුණා.
මෙම වැටලීමේදී කැරට් 24 රත්‍රං කිලෝ ග්‍රෑම් 22 ක් සමග ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් පස් දෙනෙකු ද අත් අඩංගුවට ගැනුණා.
මෙම වැටලීම සිදුවූයේ ඉන්දීය බුද්ධි තොරතුරු අංශයේ නිලධාරීන් ලබාදුන් තොරතුරු මතයි. සැකකරුවන් විසින් මෙම රත්‍රං ආලේපනයක් වශයෙන් සකස් කරමින්, යට ඇදුම් තුළ ආලේප කර ගනිමින් සහ කැරට් 24 න් නිපදවන ලද වැඩ නිම නොකළ රන් මාල ගෙලෙහි පැළද ගනිමින් රේගු නිලධාරීන් නොමග යැවීමට උත්සාහ ගෙන තිබෙනවා.
මෙම රත්‍රං තොගය ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට රැගෙවිත් ඇති බවටයි පැවසෙන්නේ. මෙම රත්‍රං තොගය අතර මාළ, මුදු, වළලු, පිරිමි යට ඇදුම් 30 ක් තුළ ආලේප කරමින් සහ ආහාර පිළියෙල කරන යන්ත්‍රයක් තුළ ද සගවා ගෙන තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |