පාලන මිලක් සමඟ වෙළෙඳ පොළේ සහල්වලට සිදු වූ දේ..
සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිළක් නියම කිරීමෙන් පසු වී මෝල් හිමියන් සහල් වර්ග නිකුත් කිරීම සීමා කර ඇතැයි තොරතුරු වාර්තාවන බව වෙළෙද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.
මෙය පාලන මිලක් පැනවීමෙන් අනතුරුව සහල් නිෂ්පාදකයන් අනුගමනය කරනු ලබන සාමාන්‍යයෙන් අනුගමනය කරන පියවරක් බව අමාත්‍යවරයා සඳහන් කරනවා. වෙළද අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ සීනි හා පරිප්පු වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළ ගණන් තවදුරටත් ඉහල ගියහොත් ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට කටයුතු කරන බවයි.
මේ මොහොතේ සහල් තොග විශාල වශයෙන් රැස් කිරීමෙන් වළකින්නැයිද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් ද කළා. තොග රැස් කිරීම සහ වැඩිපුර මිලදී ගැනීම් හේතුවෙන් නිෂ්පාදකයන් මිල වැඩිකිරීම සිදුකරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මේ අවස්ථාවේදී සහල් මිල වැඩිකිරීමක් අවශ්‍ය වන්නේ නම් හෝ එම ඉල්ලීම සාධාරණ නම් ඊට අවසර ලබාදෙන බව ඔහු කියාසිටියා. කෙසේවෙතත් ගණන් බලා ඇති ආකාරයට මෙම අවස්ථාවේදී හදිසියේ මිල වැඩි කිරීමක් අවශ්‍ය නොවන බවයි වෙළෙද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
ඉදිරි සතිය තුල සීනි සහ පරිප්පු වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉක්මවා අලෙවි කෙරෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් පියවරක් ගන්නා බව ඔහු අවධාරණය කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |