තුන්දෙනෙකු බිලිවූ වෑන් රථ අනතුර...

By Sithumi Jul 17, 2022 11:10 AM GMT
Report

වැල්ලවාය - මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල කුඩාඔය ප්‍රදේශයේ දී වෑන් රථයකට යට වූ තිදෙනකු එම ස්ථානයේම මියගොස් ඇතැයි බුත්තල පොලිසිය කියයි. පාගමනින් ගිය කාන්තාවක්,පිරිමියෙක් සහ කුඩා දරුවකු මෙසේ මියගොස් ඇතැයි පොලිසිය පවසසයි.

ඔවුන් යටකළ වෑන් රිය නොනවත්වාම ඉදිරියට ධාවනය කර ඇති අතර පසුව එය කුකුරන්පොළ ප්‍රදේශයේ සඟවා තිබියදී හමුවූ බව ද පොලිසිය සඳහන් කරයි. මියගිය අය සම්බන්ධයෙන් මෙතෙක් කිසිසු තොරතුරක් ලැබී නැත. ඔවුන්ගේ සිරුරු බුත්තල රෝහලේ තැන්පත් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now