බ්‍රිතාන්‍යෙන් මෙරටට ලැබුණු වටින දෙයක් මෙන්න
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ඉහළ නැංවීම සඳහා මහා බ්‍රිතාන්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් සහ සිල්වියා ලංකා පදනම එක්ව තවත් සෞඛ්‍ය හා වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට පිටත් කර එවා තිබෙනවා.
වාර්තා වන පරිදි, පසුගිය සති තුනක කාලයක ඇතුලත පමණක් සෞඛ්‍ය හා වෛද්‍ය උපකරණ කන්ටේනර් 9 ක් ඔවුන් ශ්‍රී ලංකාව වෙත එවා තිබෙනවා. අදාල උපකරණ සියල්ල ඉදිරි මසක කාලයක් ඇතුලත ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතියට ලබා දීමට නියමිතයි.
එහි මෙහෙයුම් ප්‍රධානී මංජුල වික්‍රමාරච්චි සඳහන් කරන්නේ සෞඛ්‍ය උපකරණ සමග කන්ටේනර්ස් 38 ක් මේ වන විට ශ්‍රී ලංකාවට එවා ඇති බවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |