හදිසියේම පනතක් විවාදයට දිනයක් නියම වෙයි.. හේතුව..?

By Sithumi Feb 21, 2023 01:22 PM GMT
Sithumi

Sithumi

Report

අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයාගේ නියමය ලබන 23 වන බ්‍රහස්පතින්දා විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීයි මෙම තීරණය කර තිබෙන්නේ. 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව අංක 2319/80 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් මීට අදාළ නියෝග පළ කොට තිබෙනවා.

ඒ අනුව විදුලි සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම හා සෞඛ්‍ය සේවාවන්ට අදාළ කටයුතු අත්‍යවශ්‍ය සේවා බවට පත් කොට තිබෙනවා.