ඉන්දන බවුසරයක් පෙරළීමෙන් සිදුවූ අනතුර..

By Sithumi Feb 19, 2023 11:25 AM GMT
Sithumi

Sithumi

Report

ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයක් නුවරඑළිය හග්ගල මහ වංගුව ප්‍රදේශයේ දී අනතුරට පත්ව තිබෙනවා. 

 කොළොන්නාවේ සිට නුවරඑළිය දක්වා ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරින් බවුසරයේ රියදුරු සහ සහයකයා සුළු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසනවා.  

ඩීසල් ලීටර් 13,000 ක් රැගත් බවුසර් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර එහි ඩීසල් කාන්දුවක්ද සිදුව ඇති බව වාර්ත වනවා. සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.