මගීන් රැගෙන ගිය බසයේ ඉදිරිපස රෝදය ගැලවී යයි
By Sithumi
මගීන් සමග ධාවනය වූ බස් රථයක ඉදිරිපස රෝදයක් ගැලවී යෑමෙන් අනතුරක් සිදුවී තිබෙනවා. බදුල්ල නගරය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති අතර බණ්ඩාරවෙල සිට නෙළුව හරහා බදුල්ල දක්වා ධාවනය වූ බස් රථයක් මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අදාළ බස් රථයට එම අවස්ථාවේදී මාර්ගයේ ගමන් කළ කාන්තාවක් ද යටවීමට ගිය බවයි සිද්ධිය දුටුවන් සඳහන් කළේ.
බස් රථ සඳහා නිසි නඩත්තු කටයුතු සිදු නොකිරීමෙන් මෙවැනි අනතුරු සිදුවෙන බව ජනතාව පවසනවා. මේ අතර බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ බසයක තිරිංග ක්‍රියාවිරහිත වී මාර්ගයේ ප්‍රපාතයට ඇදී යද්දී බස් රථය පස් කන්දකට අල්ලා නතර කරගැනීමට එහි රියැදුරා ඊයේ (30) සමත්ව තිබුණා.
රියදුරුගේ දක්ෂතාවය හේතුවෙන් මඟින් 60කගේ පමණ ජීවිත බේරාගැනීමට හැකිවුණා.
