6 සිට 9 ශ්‍රේණිය දක්වා විෂය මාලාව වෙනස් වෙයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කියූ කතාව

Report

2027 වසරේ සිට 6 ශ්‍රේණියේදී ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සදහන් කර ඇත.

අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළේ මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පැවති සීනුව නාද කිරීමේ උත්සවයකට එක්වෙමිනි එතුමිය සදහන් කළේ නව විෂය මාලා සංශෝධනය යටතේ 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ දැනුම ලබාදීමට කටයුතු කරන බවයි .

අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ එහි පළමු අදියර ලෙස 2027 වසරේදී සියලු පාසල් දරුවන්ට 6 ශ්‍රේණියේ සිට මෙම විෂය හඳුන්වාදීමට නියමිත බවයි.

  එමෙන්ම, පාසල් දරුවන් සහ තරුණ පරපුර කුඩා අවධියේ සිටම ව්‍යවසායකත්වය හා ආයෝජනය පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබාගැනීම සඳහා Stock Market Game සහ පාසල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම් ඇතුළු වැඩසටහන් දියත් කර ඇති බවද අගමැතිවරිය සදහන් කර තිබේ.

දිවයිනේ සියලුම පෙර පාසල් සඳහා රජයෙන් අතිවිශේෂ නිවේදනයක්

දිවයිනේ සියලුම පෙර පාසල් සඳහා රජයෙන් අතිවිශේෂ නිවේදනයක්

  මූල්‍ය සාක්ෂරතාව ලබාදීමේදී ආචාරධර්ම පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව අග්‍රාමාත්‍යවරි අවධාරණය කර තිබේ .

ඒ වගේම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වැඩි දුරටත් සදහන් කළේ අනෙකුත් පුද්ගලයන් සූරාකෑමෙන් හෝ වංචා කිරීමෙන් මුදල් උපයා ගැනීම නොව, වගකීමෙන් සහ සදාචාරාත්මකව කටයුතු කිරීමේ වැදගත්කමද තරුණ පරපුරට හඳුන්වා දිය යුතු බවයි 

යුද බිය මැද වුවද ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළට - G7 රටවලින් ගත් තීරණය මෙන්න

යුද බිය මැද වුවද ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළට - G7 රටවලින් ගත් තීරණය මෙන්න