මට මානසික පීඩනයක් තිබුණ නිසා ඒ නිසා ආරන්‍යයකට ගිහින් භාවනා කළා - ඥානසාර හිමි

Report

තමන් ආරන්‍යයකට ගොස් භාවනා කිරීමට කටයුතු කළේ පැවැති දැඩි මානසික පීඩනය හේතුවෙන් මිස අධිකරණය මගහැරීමේ අරමුණින් නොවන බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කරති.

අද (05) අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නැවත බන්ධනාගාරය වෙත රැගෙන යන අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

මේ අය ගැන දන්නවනම් වහාම දැනුම්දෙන්න - සියලු තොරතුරු මෙන්න

මේ අය ගැන දන්නවනම් වහාම දැනුම්දෙන්න - සියලු තොරතුරු මෙන්න

අධිකරණය සමඟ තමාට කිසිදු ගැටලුවක් නොමැති බවත්, තමන් නිරන්තරයෙන් කටයුතු කළේ රටේ ජනතාව වෙනුවෙන් බවත් උන්වහන්සේ එහිදී පැවසූහ.

වසර 25ක් තිස්සේ ජනතාවගේ දානමාන ලබාගනිමින් රට වෙනුවෙන් කැපවූ බවත්, තමාව සිරගත කළ පමණින් රටේ පවතින ගැටලුවලට විසඳුම් ලැබෙන්නේ දැයි උන්වහන්සේ මෙහිදී ප්‍රශ්න කළහ.

ලංකාවේ රන් මිල පහළට - අඩුවුණ රත්තරන් වල අද මිල මෙන්න

ලංකාවේ රන් මිල පහළට - අඩුවුණ රත්තරන් වල අද මිල මෙන්න

එමෙන්ම තමන් කිසිදු බියක් නොමැති බවත්, "ඕනෑ නම් මගේ ලේ බොන්න, නැතහොත් මගේ මස් කන්න" යැයි ජේසුස් වහන්සේ පැවසූ ප්‍රකාශයක් ද උන්වහන්සේ මාධ්‍ය හමුවේ වැඩිදුරටත් උපුටා දක්වන ලදී.