හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව කල් තබයි

Report

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනුකර ඇති නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා එළඹෙන නොවැම්බර් මස 03 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

මෙම නඩුව අද (05) කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නඩුවට අදාළ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණු අතර, ඉතිරි සාක්ෂි විභාග කිරීම සඳහා විනිසුරුවරයා නඩුව නොවැම්බර් 03 වනදා දක්වා කල් තැබීමට නියම කළ බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

මේ අය ගැන දන්නවනම් වහාම දැනුම්දෙන්න - සියලු තොරතුරු මෙන්න

මේ අය ගැන දන්නවනම් වහාම දැනුම්දෙන්න - සියලු තොරතුරු මෙන්න

ලංකාවේ රන් මිල පහළට - අඩුවුණ රත්තරන් වල අද මිල මෙන්න

ලංකාවේ රන් මිල පහළට - අඩුවුණ රත්තරන් වල අද මිල මෙන්න