සේවකයන් තුලනයට අන්තර්ජාල උපාංගයක්..

By Sithumi Sep 20, 2022 06:10 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ්’ වසංගතය අවසන් වීමෙන් පසුව ආයතනය මුහුණදී සිටින ප්‍රධාන ගැටලුවක් වන සේවා ස්ථානවලට නැවත පැමිණෙන සේවකයන් තුලනය කිරීම සඳහා ‘පවර්ඩ් වර්ක් ස්පේස්’ නැමැති අන්තර්ජාල උපාංගයක් හදුන්වා දී තිබේ. මෙම උපාංගයට https://poweredworkspaces.com/ හරහා පිවිස ආයතනවලට මෙන්ම කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නවීණ වැඩබිම් වෙත පහසුවෙන් ප්‍රවේශවීමට හැකිය.

මෙම ප්‍රවේශයේ දක්නට ලැබෙන තෝරාගැනීම් තුළින් කොවිඩ් වසංගතය අතරතුර නිවසේ සිට වැඩකිරීම හෝ දෙමුහුන් වැඩ ආකෘති හේතුවෙන් දැනට භාවිතයට නොගන්නා වැඩබිම් ඇති සමාගම්වලට, කාර්යාල අවකාශය ප්‍රදර්ශනය කිරීමටත් ඉතා සුවිශේෂී මිලකට ඒවා ප්‍රවර්ධනය කිරීමටත් විකල්ප විසඳුමක් ද ඉදිරිපත් කර ඇති අතර වැඩබිමක් භාවිතා කිරීමට අවශ්‍ය පිරිසට සිය පරිඝණකය හෝ ජංගම දුරකතනය හරහා කාලීන අන්තර් ක්‍රියාකාරී කාර්යාල සිතියමක් භාවිතයෙන් වැඩබිම් සොයාගැනීමට සහ වෙන්කරවාගැනීමට මෙම නව ප්‍රවේශය හරහා ඉඩ ලැබේ.

මීට අමතරව එහි දවස පුරා භාවිතා කරන අවකාශයන් සහ වැඩකිරීමට ඇති අවකාශ මොනවාද යන්න පෙන්නුම් කෙරෙන අතර එක් එක් ස්ථානයේ දැනට ඉඩ භාවිතා වන ආකාරය පිළිබඳව සමස්ත දැක්මක් ලැබේ. මෙම මුලපිරීමේ වැඩසටහනට ඩයලොග් සහ එච්.සී.එල්. යන ආයතන එහි ආයතනික අනුග්‍රහකයන් ලෙස තව දුරටත් කටයුතු කරයි