හෝව් හෝව් Facebook එකේ අසභ්‍ය වචන කියනවද? Comments දානවද? එහෙනම් මේකයි වෙන්නේ
ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, තම නිල ෆේස්බුක් පිටුවේ අදහස් දැක්වීමේදී අපහාස සහ අසභ්‍ය භාෂාව භාවිතා කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.
තවද, පොලිසිය තම නිල සමාජ මාධ්‍ය ගිණුම තුළ විවේචන සහ අදහස් නිරන්තරයෙන් සලකා බලමින්, ඒ අනුව අදාල ක්‍රියාමාර්ග ගන්නා බවද එහි සදහන්ය.
අදහස් දැක්වීමේදී සභ්‍ය භාෂාවක් භාවිතා කිරීමේ අවශ්‍යතාවයද පොලිසිය ජනයාගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම, අසභ්‍ය හෝ අපහාසජනක ලෙස හැඳින්විය හැකි අදහස් දැක්වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිසිය අවධාරණය කරයි.