මෙරට පැවැත්වෙන 76 වැනි නිදහස් සැමරුම උළෙලෙහි ප්‍රධාන ආරාධිතයා කවුද දන්නව ද?. (PHOTOS)

Report

ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් සමරු උළෙලෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන්  තායිලන්ත රාජධානියේ අග්‍රාමාත්‍ය Srettha Thavisin මහතා සහභාගි වනු ඇති බවට වාර්තා වේ.

මෙරට පැවැත්වෙන 76 වැනි නිදහස් සැමරුම උළෙලෙහි ප්‍රධාන ආරාධිතයා කවුද දන්නව ද?. (PHOTOS) | Sri Lankas 76Th Independence Day

ඒ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරයුමෙන් පෙබරවාරි 03-04 යන දිනවල ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වේ.

මෙම සංචාරය අතරතුර දී, තායි අග්‍රාමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම නිරීක්ෂණය කිරීමට ද නියමිත බව සඳහන් වේ.

තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ වාණිජ අමාත්‍ය Phumtham Wechayachai සහ ශ්‍රී ලංකාවේ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් තබනු ඇත.

මෙරට පැවැත්වෙන 76 වැනි නිදහස් සැමරුම උළෙලෙහි ප්‍රධාන ආරාධිතයා කවුද දන්නව ද?. (PHOTOS) | Sri Lankas 76Th Independence Day

දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වර්ධනය කොට ශ්‍රී ලංකාව ආසියාන් රටවල ආර්ථික සමඟ තවත් දැඩි ලෙස සමෝධානය වීම ශ්‍රී ලංකා-තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් අපේක්ෂිතයි .

මෙයට අමතරව, දෙරට අතර පවතින ගුවන් සේවා ගිවිසුම අලුත් කිරීමට දෙපාර්ශ්වය අපේක්ෂා කරන අතර ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය සහ තායිලන්ත මැණික් හා ස්වර්ණාභරණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ද නියමිතයි.

කෙසේ වෙතත්, මෙම සංචාරයේ දී, තායි අග්‍රාමාත්‍යවරයා සමග තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා වාණිජ අමාත්‍ය Phumtham Wechayachai , නියෝජ්‍ය විදේශ අමාත්‍ය Jakkapong Sangmanee යන මහත්වරුන්ද, ඉහළ පෙළේ ව්‍යාපාරික නියෝජිතයන්ද ඇතුළු 39 දෙනකුගෙන් යුත් නියෝජිත පිරිසක් පැමිණිමට නියමිතව ඇති බව සඳහන් වේ.

Sponsored By Sarrita Jewellery

මෙරට පැවැත්වෙන 76 වැනි නිදහස් සැමරුම උළෙලෙහි ප්‍රධාන ආරාධිතයා කවුද දන්නව ද?. (PHOTOS) | Sri Lankas 76Th Independence Day