යුක්‍රේනයේදී රුසියානු හමුදාවේ වද හිංසනයට ලක් වූ ලාංකිකයින් පිරිසක් හමුවෙයි.(PHOTOS)
Russo-Ukrainian War
Sri Lankan Peoples
Ukraine
By Wayomi
ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙක්ව යුක්‍රේනයේදී රුසියානු හමුදාව විසින් මාස 9ක කාලයක් සිර කරගෙන වද හිංසාවලට ලක් කර ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරනවා.
යුක්‍රේන මාධ්‍යවේදිනියක වන මාරියා රොමනෙන්කෝ විසින් අදාළ ශ්‍රී ලාංකිකයින්ගේ ඡායාරූප කිහිපයක් සමඟ මෙම සිදුවීම සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් පළ කර තිබෙනවා.
එම මාධ්‍යවේදිනිය පවසන්නේ, අධ්‍යයන කටයුතු සහ රැකියා සඳහා යුක්‍රේනයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙලෙස සිරකරගෙන, නියපොතු ගලවා, පහර දී වද හිංසාවට ලක් කර සිටි බවයි.
Insane story from Kharkiv region’s police: 7 Sri Lankans, who were in #Ukraine ?? for work and studies, were kidnapped by Russians ??, beaten, had their nails torn off, and forced to work for free (clean). pic.twitter.com/G7UOzhhXXc
— Maria Romanenko (@rommari) September 18, 2022
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |


