ඊශ්රායලයේ සේවය කල ලාංකිකයකු හදිසියේම ජීවිතක්ෂයට
By Ashfa
ඊශ්රායලයේ සේවයේ නිරතව සිටි ශ්රී ලාංකිකයෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව තොරතුරු වාර්තා වේ.
ඉදිකිරීම් අංශයේ සේවය කළ ශ්රී ලාංකිකයෙකු මෙලෙස මියගොස් ඇති බව ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා වාර්තා කර ඇත.
එමෙන්ම ඔහු වැඩිදුරටත් සදහන් කලේ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර ඇති අතර ප්රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මියගොස් ඇති බවයි.
ඒ අනුව මෙලෙස ඊශ්රාලයේදී මියගොස් ඇත්තේ කුරුණෑගල, ගල්කටුයාය ප්රදේශයේ පදිංචිව සිට 33 හැවිරිදි පුද්ගලයෙකි.