මෙන්න 22වෙනිදගෙන් පස්සේ වෙන්න යන දේ - රටම ප්‍රවේශමෙන්

Report

එළැඹෙන 22වනදා පමණ වනවිට ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී, පසුව එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන්කරනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

කාලගුණයේ වත්මන් තත්ත්වය පැහැදිලිකරමින් එම දෙපාර්තමේන්තුව අද (19) පස්වරුවේ නිවේදනය කළේ, මෙම තත්ත්වයත් සමග උතුරු, උතුරු-මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වියහැකි බවය.

එක්කෙනෙක් කරාට හැමෝම වැරදි නෑ ලංකාව හොද රටක් හැමෝටම ස්තූතියි අතවරයට ලක් වූ විදෙස් තරුණිය කතා කරයි

එක්කෙනෙක් කරාට හැමෝම වැරදි නෑ ලංකාව හොද රටක් හැමෝටම ස්තූතියි අතවරයට ලක් වූ විදෙස් තරුණිය කතා කරයි

ඒ අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල හෙට (20) ප.ව. 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. එමෙන්ම සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා ඇත.

තමුසෙලා කලිසමක්ද ඇදන් ඉන්නේ ? මාව ගිනි තිබ්බත් අළු ටික නැගිටලා කියයි ප්‍රභාකරන් මගේ දෙයියා

තමුසෙලා කලිසමක්ද ඇදන් ඉන්නේ ? මාව ගිනි තිබ්බත් අළු ටික නැගිටලා කියයි ප්‍රභාකරන් මගේ දෙයියා