අගමැති පිලිපීනයේ ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙයි
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පිළිපීනයේ ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
අග්‍රාමාත්‍යවරිය පිලිපීනයේ සංචාරයක නිරත වනුයේ ආසියා සංවර්ධන බැංකුවේ නිල ආරාධනයකට අනුවයි .
ඒ අනුව අග්‍රාමාත්‍යවරිය පිලිපීනයේ ලොස් බැනෝස්හි පිහිටි ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනය නිරීක්ෂණය කර ඇත.
තවද දෙපාර්ශ්වය අතර මේ සම්බන්ධයෙන් සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබදව ද අවධානය යොමු කරන ලදි
ඒ වගේම මෙරට වී ගොවීන් මුහුණ දෙන අභියෝග පිළිබඳව ද සාකච්ඡා කර තිබේ .
ශ්‍රී ලංකාවේ වී අස්වැන්න ඉහළ නැංවීමට හා ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණය මෙන්ම පර්යේෂණ දායකත්වය ලබා ගැනීමේ හැකියාව පිළිබඳ මෙහිදී සාකච්ඡාවට බදුන් කර තිබේ