හරිනිට මරණ තර්ජන.. ආරක්ෂාව තර කෙරේ..
Prime minister
Government Of Sri Lanka
Harini Amarasuriya
Sinhala news
SriLanka News - Gagana
By Shehan
අගමැතිනි හරිනි අමරසූරිය මහත්මියට මරණ තර්ජන ඇතුළත් විද්‍යුත් ලිපියක් ලැබී ඇතැයි මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහතා පවසයි.
අගමැති කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකුගේ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර, එම විද්‍යුත් ලිපිය සම්බන්ධයෙන් ගූගල් සමාගමෙන් වාර්තාවක් ලබාගෙන ඇති බව ඇමතිවරයා සඳහන් කළේය.
එම විද්‍යුත් ලිපියට නෙදර්ලන්තය සහ ජර්මනිය යන රටවල් සම්බන්ධ බවට හඳුනාගෙන ඇති අතර, ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව තවදුරටත් විමර්ශන සිදු කරන බව ඔහු පැවසීය.
ඊයේ (20) පාර්ලිමේන්තුවේදී අමතමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලොකු පැටීගේ ගෝලයෙකු විසින් ස්නයිපර් ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටි බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී එම තොරතුරු අසත්‍ය බව හෙළි වූ බව ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
