ජිවන අරගලය ඉවසිය නොහැකිව මෙරට හැරදා තවත් පිරිසක් මෙරටින් ඉන්දියාවට...
By Subodha
තවත් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙත පැමිණ ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.
එලෙස පැමිණි පිරිස අතර කුඩා දරුවන් තුන්දෙනෙකු සිටින බව සඳහන්.
මේ වනවිට ඔවුන් කඳවුරුගත කිරීමට ඉන්දීය බලධාරීන් විසින් පියවර ගනිමින් සිටින බවයි වාර්තාවන්නේ.
මෙරට පවතින වත්මන් ආර්ථික තත්වය මත මෙලෙස පසුගිය මාස දෙකක කාලසීමාවේ 50කට ආසන්න පිරිසක් ඉන්දියාවට පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |