රටේ වගකිවයුතු පිරිසක් වතුර බිලටත් පොලු තියයි... ජල සම්පාදනයට කෝටි ගණනක පාඩුවක්..

Water bill Water Supply and Drainage Board Sri lankan news Gagana sinhala news
By Subodha Mar 05, 2022 05:10 AM GMT
Subodha

Subodha

Report

දැනට මියගොස් සිටින මැති ඇමැතිවරුන් විසි පස්දෙනකු ඔවුන් ජීවතුන් අතර සිටියදී සිය නිල නිවාස සහ පෞද්ගලික නිවාස සඳහා ලබාගත් ජලය වෙනුවෙන් ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයට රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවා නැතැයි වාර්තා වේ.

මේ පිරිස මියගොස් සිටින හෙයින් එම මුදල ඒ අයගේ පවුල්වල සාමාජිකයන්ගෙන් අයකර ගැනීම ගැටළුකාරීවී ඇතැයි ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩල ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ තත්වය යටතේ එම හිඟ මුදල අයකර ගැනීම අත්හැර දැමීමට බොහෝ දුරට සිදුවනු ඇතැයි ඒ ආරංචි මාර්ග සඳහන් කරයි.

සිය නිල නිවාස සහ පෞද්ගලික නිවාස සඳහා ලබාගත් ජලය වෙනුවෙන් එම හිඟ මුදල් ගෙවන ලෙස ඒ මැති ඇමැතිවරුන් ජීවතුන් අතර සිටියදී නොයෙක් වර ඉල්ලීම් කර ඇතත් ගෙවීම් කර නොතිබූ බව දැනගන්නට ඇත.

මේ අතර සිය නිල නිවෙසට ලබාගත් විදුලිය වෙනුවෙන් හිඟ මුදලක් ගෙවීම පැහැර හැර සිටියේ යැයි කියන ඇමැතිවරයකු එම නිල නිවෙසට ලබාගත් ජලය වෙනුවෙන්ද හිඟ මුදලක් ගෙවීමට ඇතැයි ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි.

මේ අතර ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයට හිඟ මුදල් නොගෙවූ මැති ඇමැතිවරුන් ඇතුළු ප්‍රභූවරුන්ගෙන් ඒ හිඟ මුදල් අය කර ගැනීමට වහාම කටයුතු කරන්නැයි එම මණ්ඩලයේ වෘත්තිය සමිති නියෝජිතයන් රැසක්ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now