සංචාරක ඔබට මෙන්න සුභ ආරංචියක්...!

Ministry of Transport Sri lankan news Gagana sinhala news Kandy and Ella trains Local and foreign tourists
By Subodha Mar 05, 2022 04:25 AM GMT
Subodha

Subodha

Report

අද (05) සිට විශේෂ සංචාරක දුම්රියක් මහනුවර සහ ඇල්ල දුම්රිය ස්ථාන අතර ධාවනය කෙරෙනවා.

ඒ අනුව මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 07 ට පිටත් වන දුම්රිය දෙමෝදර දුම්රිය ස්ථානයට පස්වරු 2.20 ට ළඟා වනවා.

එය පේරාදෙනිය, නාවලපිටිය, ඇඩම්ස්පීක්, ග්‍රේට් වෙස්ටර්න්, නානුඔය, එල්ජින් දියඇල්ල, පට්ටිපොල - සමිට් ලෙවල්, ඔහිය, ඉදල්ගස්හින්න සහ ආරුක්කු නවයේ පාලම ඇතුළු ආකර්ෂණීය ස්ථානවල නවත්වන අතර, නැවත දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පස්වරු 3.40 ට මහනුවර බලා පිටත් වනවා.

එය රාත්‍රි 9.35 ට මහනුවරට ළඟාවීමට නියමිතයි.

මෙම දුම්රිය දෙස් විදෙස් සංචාරකයින් ඉලක්ක කර ගනිමින් හඳුන්වා දුන් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර, මහව - ඕමන්තේ දුම්රිය මාර්ග නවීකරණ ව්‍යාපෘතිය හේතුවෙන් අද සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබූ අනුරාධපුර සහ වවුනියාව අතර කොටස වසා දමන කාලය වෙනස් කර තිබෙනවා.

ඒ අනුව ව්‍යාපෘතිය ආරම්භ වන්නේ මැයි මස 05 වැනිදා බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරයා විසින් ප්‍රවාහන අමාත්‍යාංශයට ලබාදුන් උපදෙස් මත වැඩපිලිවෙල ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now