දිගු පොලිම් නවතමින් යළිත් රට පුරා ඩිසල් බෙදා හැරේ...
Petroleum
Gagana news
Sri lankan news
By Subodha
මෙරටට ආනයනය කළ ඩිසල් මෙට්‍රික් ටොන් 41000ක් දිවයින පුරා බෙදා හැරිමේ කටයුතු ඊයේ(23) දිනයේ පස්වරුවේ සිට ආරම්භකල බව ඛනිජතෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති නාලක සිල්වා ප්‍රකාශ කලා.
ඔහු කියා සිටියේ පසුගිය දා මෙරටට රැගෙන එනු ලැබු ඔක්ටෙන් 92 හා 95 වර්ගයේ පෙට්‍රල් තොගද මේ වන විට බෙදා හැරිමේ කටයුතු සිදු කෙරෙන බවයි.
මෙරට පෙට්‍රල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 4000ක් වන අතර ඩිසල් අවශ්‍යතාවයද මෙට්‍රික් ටොන් 5000ක් වේ.
මේ අතර දින ගණනක් දිවයින පුරා ඉන්ධන හල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබුණා.
මේ අතර ඊයේ දිනයේ ද ඩිසල් නොමැති කම නිසා බස් ධාරිතාවෙන් 20% පමණ ධාවනයේ යෙදුණූ බව දැනගන්නට ලැබුණි.
එමෙන්ම තෙල් නොමැති කම නිසා දින ගණනක් විදුලි සැපයුම ද අත් හිටවනු ලැබිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |