ඔබත් මේ ලක්ෂ 7ට ඇතුලත්ද... කොවිඩ් 19 මර්දනය කිරීමට දැඩි බාධාවක්...

Covid 19 Vaccination Gagana news Sri lankan sinhala news
By Subodha Mar 02, 2022 09:17 AM GMT
Subodha

Subodha

Report

මෙරට ඇස්තමේන්තුගත ජනගහනයෙන් ලක්‍ෂ 7 ක් තවමත් කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන නොමැති බව සෞඛ්‍ය අංශ පවසනවා.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ජනතාව මෙලෙස කොවිඩ් මර්දන එන්නත ලබා නොගැනීම කොවිඩ් 19 මර්දනය කිරීමට දැඩි බාධාවක් වී ඇති බවයි.

මෙරට කොවිඩ් 19 පාලනය කිරීම සඳහා එන්නත් වර්ග 5 ක් යොදා ගැණුනු අතර තුන් වන මාත්‍රාව සඳහා භාවිතයට ගැණෙන්නේ ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නතයි.

මේ වන විට මෙරට ජනතාවගෙන් පුද්ගලයින් 16,903,964 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා.

එය ඇස්තමේන්තු ගත ජනගහනයෙන් 96% ක්.

මේ අතර දෙවන මාත්‍රාව පුද්ගලයින් 14,177,935 දෙනෙකුට ලබාදී ඇති අතර තුන් වන මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව තාමත් ලබාදී ඇත්තේ පුද්ගලයින් 7,193,381 දෙනෙකුට පමණයි.

කොවිඩ් 19 ආසාදිතයින් වාර්තාවීම මේ වන විට සුළු අඩුවීමක් දක්නට ලැබෙන අතර ඊයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 914 ක්. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 646,948 ක් වන අතර ඉන් 609,092 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 21,612 ක්. මේ අතර කොවිඩ් 19 ආසාදිත මරණ 22 ක් ඊයේ තහවුරු කිරීමත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 16,244 ක් දක්වා ඉහළ ගියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now