කඩා වැටෙන සංචාරක හෝටල් කර්මාන්තය තවත් අඝාදයකට...
අත්‍යාවශ්‍ය නො වන භාණ්ඩ රැසකට ආනයන සීමා පැනවීමට කටයුතු කිරීමත් සමග නිෂ්පාදන, ව්‍යාපාරික ඇතුළු ක්ෂේත්‍ර රැසකට බලපෑම් එල්ල වනු ඇති බව වෙළදපළ විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
මේ අතර, මහබැංකුව මගින් ඩොලරයට සාපේක්ෂ ව රුපියලේ අගයෙහි නම්‍යශීලිතාවයක් ඇති කිරීම හේතුවෙන් අද දිනයේදී වාණිජ බැංකු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 260 දක්වා ඉහළ නංවා තිබෙනවා.
භාණ්ඩ 367කට ආනයන සීමා පැනවීමට අදාළ නිවේදනයට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ අත්සන් කළ අතර, මේ හේතුවෙන් වැඩිම බලපෑම සංචාරක හෝටල් කර්මාන්තයට එල්ල වනු ඇති බව සංචාරක හෝටල් සංගමය ප්‍රකාශ කළා.
කොරෝනා ව්‍යාප්තියත් සමඟ සංචාරක හෝටල් කර්මාන්තය කඩා වැටුණු අතර, පසු ව එය නගා සිටුවීම සදහා රජය කටයුතු කරනු ලැබුවා.
මේ වන විට එය ලාභ ලබමින් පවතින මොහොතක ආනයන භාණ්ඩ සදහා සීමා පැනවීමෙන් සංචාරක කර්මාන්තය කඩා වැටීමේ අවදානමකට මුහුණ දිය හැකි බව සංචාරක හෝටල් සංගමයේ සභාපති ශාන්ති කුමා කියා සිටියා.
ඊයේ සීමා පැනවූ භාණ්ඩ මෙරටට ගෙන්වීමේ දී ආනයන අපනයන පාලකවරියගෙන් බලපත්‍රයක් ලබා ගත යුතු අතර, ඊට පෙර මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ද නිර්දේශයක් ලබා ගත යුතුයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |