යුක්රේනයට මෙරටින් තේ යැවිම නවතියි...

Ukraine Gagana news Tea Exports Chairman Sanjaya Herath
By Subodha Mar 15, 2022 08:13 AM GMT
Subodha

Subodha

Report

යුදමය තත්ත්වය හේතුවෙන් යුක්රේනයට මෙරටින් තේ අපනයනය කිරීම මේ වනවිට සම්පූර්ණයෙන් නතර වී ඇති බව තේ අපනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එසේම, ඩොලරයට සාපේක්ෂ ව රුසියාවේ මුදල් ඒකකය වන රූබලය ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වීම සහ නෞකා සමාගම් එරටට භාණ්ඩ ප්‍රවාහනය කිරීම ප්‍රතික්ෂේප කිරීම යන හේතූන් නිසා ඉදිරියේ දී මෙරට තේ අපනයන ආදායම අඩුවීමට හේතුවක් වනු ඇති බවයි එම සංගමයේ සභාපති සංජය හේරත් කියා සිටියේ.

පසුගිය වසරේ මෙරටින් වැඩිම තේ අපනයනය කළ රටවල් අතරින් රුසියාව තුන්වන ස්ථානයේ පසු වූ අතර, යුක්රේනයට හිමිව තිබුණේ 18 වන ස්ථානයයි.

2021 වසරේ දී රුසියාවට තේ කිලෝ මිලියන 29ක් අපනයනය කර තිබූ අතර, රුපියල් මිලියන 24,822ක ආදායමක් එමගින් උපයා තිබුණා.

තේ කිලෝ මිලියන 04ක් යුක්රේනයට අපනයනය කර තිබූ අතර, එහි වටිනාකම රුපියල් මිලියන 4,279ක්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now