කාර්යාල දුම්රිය රැසක් ප්‍රමාද වී ධාවනයට හේතුව..

Railway Gagana news Superintendent of Railways Gamini Seneviratne
By Subodha Apr 04, 2022 03:57 AM GMT
Subodha

Subodha

Report

මුළු දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ කාර්යාල දුම්රිය රැසක් මේ වනවිට ප්‍රමාද වී ධාවනය කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනවිරත්න සඳහන් කළේ ඇඳිරි නීතිය හේතුවෙන් රියදුරන් රැසකට උදෑසන රාජකාරියට වාර්තා කිරීමට නොහැකිවී ඇති බවයි.

උදෑසන 7.30 දක්වා ධාවනය කිරීමට හැකිවූයේ කාර්යාල දුම්රිය 5 ක් පමණක් බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න
join now