කුලී කාමරයක හිටි තරුණියක් අත්අඩංගුවට...ප්‍රධාන විශ්වවිද්‍යාල හැඳුනුම්පතකුත් හදලා...
යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යාවක් ලෙස ව්‍යාජ හැඳුනුම්පතක් යොදාගෙන කුලී කාමරයක හිටිය තරුණියක් කෝපායි පොලිසිය විසින් 9 දා අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඇය නවාතැන් ගෙන සිටි ප‍්‍රදේශයේ වැසියන්ට ඇය පිළිබඳව ඇති වූ සැකයක් මත ඔවුන් කෝපායි පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුවයි.
පොලිසිය ඇයව හා තනිවම ජීවත් වූ කුළී කාමරය පරීක්ෂා කිරීමේදී එම ව්‍යාජ හැඳුනුම්පත හමු වී තිබෙනවා.
හැඳුනුම් පත පිළිබඳව පොලිසිය යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් විමසා බැලීමේදී එම හැඳුනුම්පත් ව්‍යාජ එකක් බවට තොරතුරු හෙළිවී තිබෙනවා.
පසුව පොලිසිය ඇයව අත්අඩංගුවට ගෙන යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඇය මේ මස 23 වෙනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කොට තිබේ.
ඇය ව්‍යාජ හැඳුනුම්පත උපයෝගී කරගෙන යම් අපරාධයක් සිදු කිරීම සඳහා යාපනයේ රැඳී සිටියේද යන්න පිළිබඳව කෝපයී පොලිසිය පරීක්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |