ගෑස් සිලින්ඩරයක මිල ඉහළටද...?
ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 835 කින් ඉහළ නැංවිීමේ අවශ්‍යතාවය පවතින බව ලිට්රෝ සමාගම පවසනවා.
එහි ආරංචි මාර්ග සඳහන් කළේ ඩොලරයේ වටිනාකම ඉහළ යාම සහ ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් එම මිල වැඩිකිරීමේ අවශ්‍යතාවය පවතින බවයි.
කෙසේ වෙතත් ලිට්රෝ ගෑස් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව එම සමාගම සඳහන් කළා.
දැනට ලිට්රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,700 ක මිලකට අලෙවි වන අතර පවතින තත්ත්වය හමුවේ එය රුපියල් 835 කින් ඉහළ නැංවුවහොත් එය රුපියල් 3,235 ක් දක්වා ඉහළ යනු ඇති.
පවතින ඩොලර් අර්බුදය ආනයනික කිරිපිටි මිළ ගණන් සඳහා ද බලපෑමක් සිදුකර ඇති අතර, මිළ වැඩි කිරිම සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයකට එළඹ නොමැති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළා.
මේ අතර ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 30 කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පියවර ගැනීමත් සමග අද පාන් අලෙවි කෙරුණේ රුපියල් 110ක නව මිල යටතේ යි.
ප්‍රීමා සමාගම තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 40 කිනුත්, සෙරන්ඩිබ් සමාගම තිරිගු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 35කිනුත් ඉහළ නැංවීමත් සමගයි පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිල ගණන් මෙලෙස ඉහළ නැංවීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පියවර ගත්තේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |