ජ්‍යේෂ්ඨ රංගන ශිල්පිනී මල්ලිකා පිලපිටිය දිවි මඩලෙන් නික්මෙයි...(PHOTOS)

Gagana news Mallika pilipitiya Senior Actress
By Subodha Mar 26, 2022 03:27 AM GMT
Subodha

Subodha

Report

ජ්‍යේෂ්ඨ රංගන ශිල්පිනී මල්ලිකා පිලපිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1936 ඔක්තෝබර් මස 04වැනි දින හගුරන්කෙත ග්‍රාමයේදී උපත ලැබූ ඩේසි අයිරින් මල්ලිකා පිලපිටිය මියයන විට 86 වැනි වියෙහි පසුවූවාය.

ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ "රේඛාව" සිනමාපටය සඳහා ද රංගනයෙන් දායකවූ ඇය "ගොළු හදවත" ටෙලිනාට්‍යය සදහාද රංගනයෙන් දායක වූවාය.

ඇය අද (26) පෙරවරුවේ දී අභාවප්‍රාප්ත වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මල්ලිකා පිලපිටිය මහත්මිය රංගන ශිල්පී රොෂාන් පිලපිටිය මහතාගේ දයාබර මෑණියන් ද වනවා.


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
join now



GalleryGalleryGalleryGalleryGalleryGallery