ජල ටැංකියකට වැටීමෙන් පුද්ගලයෙකුට සිදුවු දේ...

Police death news Gagana news Walimada
By Subodha Mar 18, 2022 04:09 AM GMT
Subodha

Subodha

Report

ජල ටැංකියකට වැටීමෙන් පුද්ගලයෙකු මියයාමේ පුවතක් වැලිමඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

වැලිමඩ ප්‍රදේශයේ හෝටලයක තිබූ ජල ටැංකියකට වැටීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම හෝටලයේ ම සේවය කළ අයෙක් බවයි පොලිසිය පවසන්නේ.

ඊයේ (17) සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 24 හැවිරිදි අඹගස්දෝව ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මියගිය පුද්ගලයා දීර්ඝ කාලයක සිට මීමැස්මොරය රෝගයෙන් පෙළුනු අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (18) දිනයේ දී සිදුකිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කලා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now