භානුට නව තනතුරක්... "ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තවත් වැඩ කටයුතු රැසක් කරන්න සැලසුම් සකස් කරලා තිබෙනවා"

Bhanuka rajapaksha Chariot Institute Brand Ambassador
By Subodha Mar 10, 2022 10:26 AM GMT
Subodha

Subodha

Report

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමට කලකට පසුව පැමිණි ප්‍රහාරාත්මක පිතිකරුවකු වශයෙන් මෑත කාලිනව ඉතා විශාල රසික ආකර්ශනයක් හිමි වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස භානුක රාජපක්ෂ හැඳින්විය හැකියි.

තවද ඉතිහාසයේ ප්‍රථම වරට ක්‍රීඩකයෙකු වෙනුවෙන් මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් උද්ගෝෂණයක් ද ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පවත්වනු ලැබුවේ භානුක රාජපක්ෂ වෙනුවෙනි.

මේ අතර භානුක රාජපක්ෂට නව තනතුරක් ලැබී තිබෙනවා

ඒ මෙරට ආහාර කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහලින් සිටින ආයතනයක් සිය ආයතනයේ සන්නාම තානාපතිවරයෙක් ලෙස භානුක රාජපක්ෂව පත් කිරීමත් සමගයි.

ශ්‍රී ලංකාවේ ආහාර කර්මාන්තය තුල ඉහළින්ම රැඳී තිබෙන මේ වෙළඳ සන්නාමය 1986 වසරේ සිට Chariot යන වෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාව තුල ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කර තිබෙන අතර 2019 වසරේ සිට එම ආයතනය Asriel වෙළඳ සමූහ ව්‍යාපාරයේ එක් සේවාවක් ලෙස පවත්වා ගෙන යනු ලබනවා.

තනතුර වෙනුවෙන් පැවැත්වුණු උත්සවයේ දී භානුක මෙසේ අදහස් දක්වා සිටියා.

“දැනට මම IPL තරගාවලිය ඉලක්ක කරගෙන Chariot ආයතනයේ සන්නාම තානාපතිවරයෙක් විදිහට ගිවිසුම් ගත වෙලා තියෙනවා.

Chariot ආයතනය ක්‍රිකට් ක්‍රීඩාව නගාසිටුවීම වෙනුවෙන් ගොඩක් අතහිත ලබාදෙන වෙළඳ සන්නාමයක්.

ඔවුන් ඉදිරි කාලයේ දී අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තවත් වැඩ කටයුතු රැසක් කරන්න සැලසුම් සකස් කරලා තිබෙනවා.

Chariot ආයතනයේ සන්නාම තානාපතිවරයෙක් විදිහට මාව තෝරාගැනීම ගැන මම Chariot ආයතනයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

ඉදිරියේ දීත් මම ඔවුන් සමඟ වැඩ කටයුතු සිදු කිරීමට ගොඩක් ආසාවෙන් ඉන්නවා”.


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
join now


ReeCha