කුඩා දරුවෙකු අපයෝජනයට ලක්කල තිදරු මවට වුණ වැඩේ...
දහතුන් හැවිරිදි බාල වයස්කාර පිරිමි ළමයෙකු නීත්‍යානුකුල භාරකාරත්වයෙන් අපහරණය කොට බරපතළ අපයෝජනයට යොදවා ගැනීම සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට පත්ව ඇත.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ 29 හැවිරිදි තිදරු මවකි.
සැකකාරිය උණවටුනේ පදිංචිකාරියක් වන අතර පවුල් ආරවුලක් නිසා ඇය ටික දිනකට පෙර හික්කඩුව ප‍්‍රදේශයේ නිවසකට පැමිණ නතරව ඇත.
එසේ සිටියදී එම නිවසේ සිටි 13හැවිරිදි බාල වයස්කාර පිරිමි ළමයා අපයෝජනයට යොදවාගෙන ඇති අතර පසුව ළමයා සමග අකුරැස්ස, දෙනියාය, කුරුණෑගල ආදි ප‍්‍රදේශවලටද ගොස් ඇත.
මේ අතර ඔවුන්ගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් ළමයාගේ මව හික්කඩුව පොලිසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව පරීක්ෂණ පවත්වමින් සිටි පොලිසිය කාන්තාව සහ ළමයා කුරුණෑගල ගොස් පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද කාන්තාව ලබන 14වැනිදා දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරීමටත් පිරිමි ළමයා ඔහුගේ දෙමව්පියන්ට බාර දීමටත් සැකකාරියගේ ළමයින් තිදෙනා ඔවුන්ගේ පියාට බාරදීමටත් ගාල්ල අතිරේක මහෙස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජිවනී පතිරණ මහත්මිය නියෝග කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |