ඇඹිලිපිටියට අළුත් ඉරක්... වසා දැමුණු කම්හලක් නැවත විවෘත්ත වේ...
සීමාසහිත ජාතික කඩදාසි සමාගම සතු ඇඹිලිපිටිය කඩදාසි කම්හලෙහි කටයුතු සඳහා රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේදය යටතේ කැබිනට් තීන්දුවක් ගෙන තිබෙනවා.
අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ඒ බව නිවේදනය කෙරුණා.
ඒ අනුව සීමාසහිත ජාතික කඩදාසි සමාගම සතු මෙම කම්හල වසා දැමුණේ 2012 වසරේ දී යි.
එකී කම්හල පිහිටි ඉඩම සහ කම්හලේ ගොඩනැගිලි වසර 30ක කාලසීමාවක් සඳහා දේශීය ආයෝජන සමාගමක් වන කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගම වෙත ලබාදීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.
නමුත් අදාළ ඉඩම විධිමත් පරිදි සීමාසහිත ජාතික කඩදාසි සමාගම වෙත ලබාදීමට කටයුතු කර නොතිබූ බැවින්, එකී අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබුණේ නැහැ.
එම කම්හල පිහිටි අක්කර 111 රූඩි 02 පර්චස් 33ක ඉඩම දිගුකාලයක් බදු පදනම මත සීමාසහිත ජාතික කඩදාසි සමාගම වෙත ලබාදීම සඳහා මේ වනවිට කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.
මෙම සමාගම අදාළ බදු පදනම යටතේ ලබාදෙන සමාගම සමග කොන්දේසිවලට පැමිණ ඇති අතර, එය ගිවිසුම්ගත වූ පසුව ඇඹිලිපිටිය කඩදාසි කම්හලෙහි නිෂ්පාදන කටයුතු රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේදය යටතේ නැවත ආරම්භ කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |