ඉදිරියේදි රටේම සිදුවෙන දෙයක් ගැන ආන්දෝලානාත්මක හෙලිදරවුවක්... මේ වර්ජනය ජිනීවා මානව හිමිකම් සැසිවාරයට වැරදි අදහසක් මතුකර දිම සදහාද...?(VIDEO)

Health strike Gagana news Sri lankan sinhala news Dr. Rukshan bellana
By Subodha Mar 03, 2022 08:34 AM GMT
Subodha

Subodha

Report

පසුගිය පෙබරවාරි 7 වැනි දා ඔවුන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වර්ජනයක් ආරම්භ කළ අතර, ඉන් අනතුරුව යි මේ පෙබරවාරි මස 24 වැනි දා දක්වා බලපැවැත්වෙන පරිදි එය අත්හිටුවන ලෙස දන්වමින් වාරණ නියෝගයක් නිකුත් කළා.

කෙසේ වෙතත් පසුව වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලික ව අත්හිටුවන බව වර්ජනයේ නිරත වෘත්තිය සමිති ප්‍රකාශ කළා.

මේ අතර, හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවල වෘත්තීය සමිති පසුගිය දා දියත් කළ දීප ව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපති සමන් රත්නප්‍රියට කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය මාර්තු මස 11 වන දා දක්වා දීර්ඝ කර තිබෙනවා.

නමුත් මේ පිළිබදව අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිළදාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශකර සිටියේ, මෙම වැඩ වර්ජන වෛද්‍ය නිලධාරින් ව‌ශයෙන් හෙලා දකින බවයි.

මේ වැඩ වර්ජනයේ නියත වෛද්‍යවරුන් පබගාලක පැටලි ඇති බවත්  එතුමා වැඩි දුරටත් පවසයි.

තවද එතුමා පවසන්නේ මෙය "යුක්රෙනයේ යුද්ධය පැවතෙන විට විටක වැටුප් විසමතා ගැන වර්ජනය සිදු කරනවා වැනිය "යනුවෙනි.

එසේම තවද  ජිනීවා මානව හිමිකම් සැසිවාරයද පැවතෙන විටදි මෙය පැවැත්විමෙන් ලංකාව ගැන වැරදි අදහසක් මතුකරන බවද බවයි මෙතුමා පවසයි.

තවද මෙතුමා වැදගත් කරුණු කිහිපයක් මෙතුමා මෙහිදි සදහන් කරනු ලබනවා.

අදාල ආන්දෝලනාත්මක විඩියෝ පටය පහතිනි නැරඹිය හැකිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW