ප්‍රවේශමෙන්..! ඔබත් විදේශගත විමට සිටින්නෙක්ද, තරුණියක්ට සිදුවු දේ මෙන්න.

Gagana sinhala news Foreign Employment Bureau of Foreign Employment
By Subodha Mar 04, 2022 10:40 AM GMT
Subodha

Subodha

Report

කැනඩාව ඇතුළු තවත් රටවල විදේශ රැකියා ලබාදෙන බව පවසමින් තරුණ තරුණියන් රවටා මුදල් එකතු කරමින් විදේශ රැකියා ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල සැකකරු පසුගිය 02 වනදා පානදුර නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුට විරුද්ධව පැමිණිලි 15ක් පමණ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබී ඇති අතර, මොහු තරුණ තරුණියන්ගෙන් ලක්ෂ 50ට ආසන්න මුදලක් වංචාකර ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now