ලාංකීය රසිකයන් පින වූ විශිෂ්ට කලාකරුවෙකු දිවි ගමනට සමුදෙයි
ප්‍රතිභාපූර්ණ කලා ශිල්පි සහ සිනමා නළුවෙක් එඩ්මන්ඩ් ජයසිංහ අභාවප්‍රාප්ත වෙයි.
එඩ්මන්ඩ් ජයසිංහ මහතා මියයන විට වයස අවුරුදු 85 ක් වූ බව පවසනවා. මහනුවර ඉහළ කෝට්ටේ උපත ලැබූ ඔහු, බැද්දෙවෙල මහ විද්‍යාලය, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය තුළ අධ්‍යාපනය ලබා තිබුණි.
පසුව පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ ඔහු, එහිදී වර්ණලාභී ක්‍රීඩකයෙකු ලෙසද කැපී පෙනුණි. කලා ක්ෂේත්‍රයේ, ඔහු මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ 'මනමේ' නාට්‍යයේ වැද්දෙකු ලෙස රඟපෑ ඔහු 'සිංහබාහු' නාට්‍යයේ අත්වැල් ගායන කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසද හැඳින්විය හැකිය.
උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු, ඔහු පළමුව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ, පසුව විදේශ කටයුතු අමාත්‍යංශයේ සේවය කළේය.
ඔහුට ඕස්ට්‍රේලියාවේ විශේෂ පුහුණුවකට සහභාගී වීමේ අවසර ද ලැබුණි. පසුකාලීනව, ඔහු බිත්‍රාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා ලෙස ද පසුව පළමු ලේකම් ලෙස සේවය කළ අතර, අබුඩාබියේ ලංකා තානාපති සහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙසද කටයුතු කළේය.
සිනමා හා රංගනයේදී, ඔහු නාමෙල් වීරමුණිගේ 'නැට්ටුක්කාරී' නාට්‍යයේ, සුගතපාල සෙනරත් යාපාගේ 'හන්තානේ කතාව' චිත්‍රපටයේ සුළු චරිතයක් ද "ගඟ අද්දර" චිත්‍රපටයේ වසන්ති චතුරාණිගේ විදේශශතව සිට පැමිණෙන සැමියා ලෙස ද "ඉන්දුට මල් මිටක්" චිත්‍රපටයේ මාලිනී ෆොන්සේකාගේ පෙම්වතා ලෙස සහ "අනුරාධා" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් ද රගදැක්වීය.