අධිවේගී මාර්ග භාවිතා කරන සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක්
අධිවේගී මාර්ග පද්ධතියේ ගමන් ගන්නා සියලුම වාහනවලින් පෙර පරිදි මුදල් අය කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.
ඒ අනුව දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පැවති අයහපත් කාලගුණය මත අධිවේගී මාර්ග පද්ධතියේ සියලුම මාර්ගයන්හි ධාවනය වු වාහන සඳහා ගාස්තු අය නොකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පසුගිය 27 වැනි දින තීරණය කර තිබුණා.
එබැවින් දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය, කටුනායක කොළඹ මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය, සහ දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව යන සියලුම මාර්ගවල ගමන් ගන්නා වාහන සඳහා පවතින අයහපත් කාලගුණ තත්ත්වය පහව යනතුරු නොමිලේ ගමන් පහසුව සලසා දී තිබූණා.
මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට එම පහසුකම අත්හිටුවා තිබෙනවා.