මේ රජයේ සේවකයන්ට 7000ක දීමනාවක්

Report

පොලිස් සැරයන් සහ කොස්තාපල් තනතුරු සඳහා හම් සපත්තු 70,000 ක් මිලදී ගැනීමට කැඳවූ ටෙන්ඩරය, තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පොලිස් මූලස්ථානය මගින් අවලංගු කර තිබේ.

ඒ අනුව, පොලිස් සැරයන්, සැරයන් රියැදුරු, පොලිස් කොස්තාපල් සහ කොස්තාපල් රියැදුරු යන නිලධාරීන්ට සපත්තු මිලදී ගැනීම වෙනුවෙන් රු. 7,000 බැගින් දීමනාවක් ගෙවන ලෙස, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) සංජීව ධර්මරත්න විසින් සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, පොලිස් ස්ථානාධිපතිවරුන් සහ බලධාරීන් වෙත චක්‍රලේඛයක් මගින් නියෝග කර ඇත.

අදාළ ගෙවීම් දෙසැම්බර් 15 වැනිදාට පෙර සිදුකර, ඒවාට අදාළ වාර්තාව දෙසැම්බර් 20 වැනිදාට පෙර පොලිස් මූලස්ථානයේ ප්‍රධාන ගණකාධිකාරීගේ විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු බවද සඳහන් කර ඇත. දීමනාව ලබාගන්නා නිලධාරීන්, 2026 ජනවාරි 31 වැනිදාට පෙර සපත්තු මිලදී ගත යුතු අතර, ඒවා කළු පැහැති, පොලිස් ආලේප කළ, ඔප දැමිය හැකි ලේස් සහිත විය යුතුයි.

යහපත් ආර්ථිකය තත්ත්ව සමග ලග්න හතරකට අසුභ ලග්න අටකට සුභ අද ලග්න පලාපල මෙන්න

යහපත් ආර්ථිකය තත්ත්ව සමග ලග්න හතරකට අසුභ ලග්න අටකට සුභ අද ලග්න පලාපල මෙන්න

ඒවා රු. 7,000 බැගින් වටිනාකමකට සරිලන සහ අවම මාස 10 ක් පාවිච්චි කළ හැකි තත්ත්වයේ විය යුතු බවද සඳහන් වේ. මිලදීගත් සපත්තු සඳහා ඇති බිල්පත් ස්ථානාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු අතර, ස්ථානාධිපතිවරයා විසින් චක්‍රලේඛයේ නිර්ණායකයන්ට අනුව මිලදී ගෙන ඇති බව පරීක්ෂා කර, සේවා ලේඛනයේ සපත්තු නිකුත් කිරීමේ තීරුව රතු තීන්තෙන් සටහන් කළ යුතුයි.

කොට්ඨාස, අධ්‍යක්ෂ සහ දිස්ත්‍රික් භාර නිලධාරින් විසින් මෙම ක්‍රියාවලිය අධීක්ෂණය කළ යුතුය යැයි චක්‍රලේඛයේ වැඩිදුරටත් අවධාරණය කර ඇත.

උදුවප් පුර පසළොස්වක පොහොය අදයි

උදුවප් පුර පසළොස්වක පොහොය අදයි