ශ‍්‍රී ලන්කන් විකුණා දමයි.. අන්තිම තීන්දුව 09 වැනිදා..
Airport
Sri Lanka
Business
Sri Lankan airline
By Aruna
ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලික අංශයට පැවරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.
දැනට ශ්‍රී ලංකා ගුවන් සේවය සතුව අංශ 5ක් ඇති අතර ඉන් භූමි මෙහෙයුම් අංශය හා ගුවන් භාණ්ඩ අංශය ඇමරිකානු ඩොලර් මිලියන 100 ක පමණ ආදායමක් වසරකට ලබයි.
ගුවන් යානා ලීසිං ගෙවීම, ඉන්ධන වියදම, අනෙකුත් වියදම් බරපතළ ලෙස ඉහල යාම නිසා සේවාව පාඩු ලබමින් ඇතැයිද වාර්තා වෙයි.
එක් ගුවන් යානාවක් සඳහා මසකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5-8 කටත් අතර ප්‍රමාණයක් ලීසිං වාරිකය ලෙස ගෙවීමට සිදු වුණ අතර මුළු වියදමින් 25% ක් ඉන්ධන සඳහා දැරීමට සිදුව තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව රටට විශාල බරක් වී ඇති නිසා රජයට යම් කොටස් ප්‍රමාණයක් රඳවා ගෙන ඉතිරිය පුද්ගලික අංශයට පැවරීම රජයේ අවධානය යොමුව ඇත.
එළැඹෙන 09 වන දා වන විට මේ සම්බන්ධයෙන් යම් තීරණයකට එළඹීමට නියමිතව ඇතැයිද දැනගන්නට තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
