ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායම එංගලන්තයට.
ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායම අද (24) අලුයම එංගලන්තය බලා පිටත්ව ගියා.
එම කණ්ඩායමට ක්‍රීඩිකාවන් ඇතුළු නිලධාරින් 26 දෙනෙකු ඇතුලත්.
එංගලන්ත සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පසුගියදා නම් කර තිබුණා.
එහි නායකත්වය චමරි අතපත්තු දරන අතර ඕෂධී රණසිංහ උප නායිකාව යි.
එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක්දින ජාත්‍යන්තර තරග 3කට සහ 20/20 ජාත්‍යන්තර තරග 3කට සහභාගී වීමට නියමිතයි.
එංගලන්ත සංචාරයට සහභාගී වන ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම
චමරි අතපත්තු - නායිකා
ඕෂධී රණසිංහ
හර්ෂිතා සමරවික්‍රම
විශ්මි ගුණරත්න
නිලක්ෂි ද සිල්වා
කවීෂා දිල්හාරි
ඉනෝකා රණවීර
සුගන්ධිකා කුමාරි
අනුෂ්කා සංජීවනී
උදේශිකා ප්‍රබෝධිනී
අචිනි කුලසූරිය
කාව්‍යා කාවින්දි
ඉනෝෂි ප්‍රනාන්දු
හන්සිමා කරුණාරත්න
හසිනි පෙරේරා
ඉමේෂා දුලානි
