රටටම ආඩම්බරයක් ගෙන දෙමින් දකුණු ආසියානු කරාතේ තරගාවලියේ ශ්‍රී ලංකාවට පදක්කම් 87ක්

By Malith Madushan Jul 22, 2026 04:04 AM GMT
Report

බංග්ලාදේශයේ ඩකා නුවර පැවති 10 වැනි ජ්‍යෙෂ්ඨ දකුණු ආසියානු කරාතේ ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකා කරාතේ කණ්ඩායම පදක්කම් 87ක් දිනා ගැනීමට සමත්ව තිබේ. එම ජයග්‍රාහී කණ්ඩායම ඊයේ (21) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.

පසුගිය 18 සහ 19 යන දෙදින ඩකා නුවර පැවති මෙම තරගාවලි සඳහා දකුණු ආසියානු කලාපයේ රටවල් හයකින් කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800කට අධික පිරිසක් සහභාගී වූහ.

තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 13ක්, රිදී පදක්කම් 25ක් සහ ලෝකඩ පදක්කම් 49ක් දිනා ගනිමින් සමස්ත පදක්කම් සංඛ්‍යාව 87 දක්වා ඉහළ නැංවීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා කරාතේ-දෝ සම්මේලනයේ ක්‍රියාකාරී කාර්ය සාධන බළකායේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ ක්‍රීඩා අංශ නියෝජිතයන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.   

මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මතවු සූර්ය බලශක්ති ව්‍යාපෘතියට මුල් පියවර තබයි

මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මතවු සූර්ය බලශක්ති ව්‍යාපෘතියට මුල් පියවර තබයි

ඉතිහාසයේ පළමුවරට විශාල ලෙස මාළු මිල ඉහළට ඉදිරියේදී දෙගුණයක මිල වැඩිවීමක් - නව අගයන් මෙන්න

ඉතිහාසයේ පළමුවරට විශාල ලෙස මාළු මිල ඉහළට ඉදිරියේදී දෙගුණයක මිල වැඩිවීමක් - නව අගයන් මෙන්න