කොදෙව්වන්ට ශ්‍රී ලංකාවෙදිම කනේ පහරක් ගසයි..අවසානයේ සිදු වූ දේ මෙන්න.

Sri Lanka Icc Western Indian Cricket match
By Aruna Dec 03, 2021 09:58 AM GMT
Aruna

Aruna

Report

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණයත් ශ්‍රී ලංකා කණ්ඩායම සතු කරගත්තා.

මේ තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 296ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීිය කොදෙව් කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 132ක් පමණයි.

මේ අනුව තරග දෙකකින් සමන්විත සෝබර්ස් තිසේරා කුසලාන ටෙස්ට් තරගාවලිය තරග 2ට බිංඳුවක් ලෙසින් ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට පාර කැපූ ලසිත් ඇඹුල්දෙණිය සහ රමේශ් මෙන්ඩිස් දෙදෙනා බිඳ වැටුණු සියලූ බටහිර ඉන්දීය කොදෙව් කඩුලු ඔවුන්ගේ පැසට සමසේ දමා ගන්නට සමත් වීම විශේෂ සිදුවීමක්.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමෙහි මෙම සංචාරය මිකී ආතර්ගේ සේවය මෙරටට ලැබෙන අවසන් තරගය ද වුණා.

ඒ අනුව මෙම තරගාවලිය නිමවීමෙන් පසුව මිකී ආතර් යළි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සිය පුහුණුකාරී මෙහෙවර ලබා නොදෙනු ඇති.

කෙසේවෙතත් පූර්ණ තරගාවලි ජයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලද මෙම ජයග්‍රහණය මෙතෙක් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මිකී ආතර්ට මහත් හරසරයක් ලෙසයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now