අද තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට..මෙරට සුපිරි පිතිකරුවෙකුටත් ටෙස්ට් වරම්..!
By Sewvandhi
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන 2වැනි ටෙස්ට් තරගය තව සුළු මොහොතකින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඇරඹෙයි.
එහි කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත් විය.
ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔහු තීරණය කළේය.
ශ්‍රී ලංකා එක්දික ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු චරිත් අසලංක අද (29) දින ටෙස්ට් වරම් දිනා ගත්තේය.
ඒ අනුව ඔහු ව ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයට කැඳවා තිබේ.
තරගය අද පස්වරුවේ ඇරඹීමට නියමිතය.
24 හැවිරිදි චරිත් අසලංක ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 157 වන ක්‍රීඩකයාය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
