මුළු රටම බිය ගන්වමින් තවත් මාරාන්තික රෝගයක්...රෝගීන් 16000 ඉක්මවයි.

Sri Lanka Dengue fever Richway arya children hospital Cavid
By Aruna Nov 19, 2021 03:26 AM GMT
Aruna

Aruna

Report

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු උණ වැළඳී නේවාසික ව ප්‍රතිකාර ලබන දරුවන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය පවසනවා.

ඔහු කියා සිටියේ, මේ වනවිට ඩෙංගු උණ වැළඳුණු ළමයින් 24 දෙනෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ තවදුරටත් ඩෙංගු රෝගීන්ගේ ඉහළ යා හැකි බැවින් රෝග ලක්ෂණ පෙන්නුම් කළ වහා ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා ඉල්ලීමක් කරනවා.

මේ අතර, මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 16,174 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

ඉන් රෝගීන් 47.4%ක් ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha