කොවිඩ් අතරේ ශ්‍රී ලංකාවේ ඉතා භයානක රෝගයක් පැතිරෙයි..
‘‘අපි කොවිඩ් රැල්ල තරමකට හරි මර්දනය කර ගත්තා. දැන් ඩෙංගු රැල්ලක් ඇතිවීමේ අවදානමක් තියෙනවා.
මම ඉතා වගකීමෙන් කියන්නේ අපිට ඉදිරියේදී විශාල අභියෝගයකට මුහුණ දෙන්න සිදු වේවි.’’ මේක දුම් ගහලා මර්දනය කරන්න බැහැ. අපි දුමක් කියලා මොකක්ද ගහන්නේ.
මැලතියන්. එකක් මැලතියන් ගහන්නේ මළ මිනීවලට. අපි එම්.ඕ.එච්. එකෙන් මේවා බැරල් ගණන් ගෙනැල්ලා ෂෝ එකක් කරනවා, පරිසරයට රසායනික මුදා හැරීම වැරදියි. පරිසරය, සොබාදහම ආරක්ෂා කරන ජීවීන් විශාල ලෙස මිය යනවා.
ඉදිරියේදී අපේ දරු පරම්පරාව පෙණහලු පිළිකා රෝගීන් බවට පත්වේවි.’’ කොටුවිල මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් විතානගේ මෙම කරුණු අනාවරණය කළේ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමක් අමතමිනි.
හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ. මදුරුවන් මර්දනය කරන්න රජයකට, ප්‍රාදේශීය සභාවකට බැහැ.
තමන්ගේ වත්තපිටිය දිනපතා පිරිසුදු කරගන්න එක තියෙන්නේ ජනතාවගේ අතේ. අපට පුළුවන් ජනතාව දැනුවත් කිරීමට සහ උපදෙස් ලබා දීමටයි.
‘‘අද වැල්ලම්පිටිය, තොටුවිල ප්‍රදේශයේ ගෙවල් දහයක් ගත්තොත් ඉන් තුන හතරකින්ම මදුරු කීටයන් හමුවෙනවා.
මේක ඉතා භයානක තත්ත්වයක්. පසුගිය සතියේ කොටුවිල ප්‍රදේශයේ අවුරුදු 17ක දරුවෙකු සහ තවත් නිවෙසක අම්මා කෙනෙක් ඩෙංගු වැලඳී මියගියා.
කියන්න කනගාටුයි වඩාත් සංවේදී කාරණය තමයි ඊට කලින් සතියේ කොවිඩ් මර්දන කටයුත්තකට මම නිවසකට ගියා. එම වත්තේ වතුර බැරැල් එකක මදුරු කීටයන් දැකලා මම අවවාද කළා. වහාම මේවා ඉවත් කරන්න කියලා.
ඊළඟ සතියේ තමයි ඊට යාබද නිවසේ 17 හැවිරිදි දරුවා ඩෙංගු වැලඳී මියගියේ.
මම එම දරුවාගේ මරණ ගෙදර යනකොටත් අර වතුර බැරල් එක මදුරු කීටයන් එක්ක ඒ විදියටම තිබුණා.’’
සිරිසේන ගමගේ – කොළොන්නාව
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |