ලංකාවට වැලන්ටයින් නෑ වගේ - රෝසමල් ගන්නවත් සල්ලි නැල්ලු
ව්‍යාපාරකයින් පවසන්නේ පවතින ආර්ථික දුෂ්කරතා සහ මල් මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් මෙවර වැලන්ටයින් දිනයේ මල් අලෙවිය පසුගිය වසරවලට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇති බවයි.
මල් වෙළඳුන් පවසන්නේ, පාරිභෝගිකයන් අත්‍යවශ්‍ය නොවන වියදම් කපා හැරීම හේතුවෙන් රෝස මල් සඳහා පවතින ඉල්ලුම බෙහෙවින් අඩුවී ඇති බවයි. වාර්තා වන ආකාරයට සාමාන්‍යයෙන් මල් වෙළඳාම ඉහළ යන පෙබරවාරි මාසයට වඩා මෙවර දෙසැම්බර් සහ ජනවාරි මාසවල අලෙවිය යහපත් මට්ටමක පැවත ඇත.
ආනයනික මල් සඳහා පනවා ඇති ඉහළ බදු, නුවරඑළිය සහ බදුල්ල ප්‍රදේශවල මල් අස්වැන්න පහළ යාම නිසා ඉන්දියාවෙන් මල් ආනයනය කිරීමට සිදුවීම, ප්‍රවාහන හා නඩත්තු පිරිවැය ඉහළ යාම මෙයට හේතුවී ඇත.
සාමාන්‍ය රතු රෝස මලක්: රු. 350 සිට (සකස් කළ පසු මිල මීට වඩා වැඩිය), සාමාන්‍ය මල් කළඹක්: රු. 2,500 – රු. 3,000 අතර සහ විශේෂිත මල් කළඹ: රු. 8,000 – රු. 12,000 අතර මිලකට අළෙවි වේ.