ජනාධිපති සහ ඇමරිකා නියෝජිත හමුවෙයි

Report

අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත හා ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor මහතා අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී ඇත.

මෙම හමුවේදී අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව සාකච්ඡා සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එමෙන්ම, මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය සහ එම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වී ඇති අභියෝග පිළිබඳව ජනාධිපතිවරයා නියෝජිත පිරිස දැනුවත් කර ඇත.

වසරකට ක්ෂය රෝගීන් 8,500–9,500ක් වැඩිම බස්නාහිර පළාතේ

වසරකට ක්ෂය රෝගීන් 8,500–9,500ක් වැඩිම බස්නාහිර පළාතේ

හමුවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු එක්ව සිටි අතර, Sergio Gor මහතා සමඟ පැමිණි නියෝජිත පිරිසද මෙහිදී එක්ව සිටියහ.

මෙම හමුව අමෙරිකාවේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කළ පරිදි, Sergio Gor මහතා මාර්තු 19 සිට 24 දක්වා ශ්‍රී ලංකාව හා මාලදිවයිනට පැමිණෙන ගමනේ කොටසක් ලෙස සැලකේ.

එහිදී ඉන්දු මහාසාගර කලාපයේ සහයෝගීතාව ඉදිරියට ගෙන යාම, වෙළඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම, මුහුදු මාර්ග ආරක්ෂාව හා කලාපීය ස්ථාවරත්වය තහවුරු කිරීම වැනි කරුණු මත අවධානය යොමු වී ඇත. 

“සීමාවන් ඉක්මවා ගිය ප්‍රහාරයක්” – කටාර් ඉරානයට දැඩි චෝදනා

“සීමාවන් ඉක්මවා ගිය ප්‍රහාරයක්” – කටාර් ඉරානයට දැඩි චෝදනා