ලංකාවට සංචාරයට ආපු විදේශිකයෙක් මරුට - මෙන්න හේතුව
By Ashfa
ශ්‍රී ලංකාවට සංචාරක චාරිකාවක නිරතව සිටි විදේශීය ජාතිකයෙකු දියේ ගිලී මිය ගොස් තිබේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 65 ක් වූ යුක්රේන ජාතිකයෙකු ලෙස හඳුනාගෙන ඇත. දික්වැල්ල - හිරිකැටිය මුහුදේ පිහිනමින් සිටියදී ඔහු දියේ ගිලී මිය ගියේය.
ඊයේ සිකුරාදා (23) මෙම සිදුවීම සිදුවී ඇති බව දික්වැල්ල පොලිසිය පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.