ළමුන් බසයට නංවා ගැනීම ප්‍රතික්ෂේප කළ ලංගම කොන්දොස්තරට වැඩ වරදී

By Gagana News Mar 07, 2025 11:27 AM GMT
Report

වාර ප්‍රවේශ පත්‍ර සහිත පාසල් සිසුන් ලංගම බසයට නංවා ගැනීම ප්‍රතික්ෂේප කළ නුවරඑළිය ප්‍රදේශයේ කොන්දොස්තරවරයාගේ වැඩ තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව අදාළ කොන්දොස්තරවරයා සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එම පරීක්ෂණ අවසන් වන තෙක් ඔහුගේ වැඩ තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන ඇත.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලංගම වාර ප්‍රවේශපත්‍ර ඇති පාසල් සිසුන් දිගු කලක සිට බස් රථවලට නංවා නොගන්නා බවට වාර්තා වී ඇති බැවින් ලංගම ප්‍රවේශපත්‍ර ඇති ජනතාව මඟහැර යන ලංගම රියදුරන් සම්බන්ධ තොරතුරු 1958 දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස ප්‍රවාහන අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

රනිල් නෑ කියපු බටලන්ද වාර්තාව මෙන්න!

රනිල් නෑ කියපු බටලන්ද වාර්තාව මෙන්න!

එලොව ගිහින් මෙලොව ආව කලාකාරිනිය - අහිමි වුණ බැඳීම කවදාවත් මට අමතක කරන්න බැහැලු

එලොව ගිහින් මෙලොව ආව කලාකාරිනිය - අහිමි වුණ බැඳීම කවදාවත් මට අමතක කරන්න බැහැලු