මහ බැංකුවෙන් නරක ආරංචියක් - රුපියලේ පිරිහීමත් එක්ක මේ බැංකු ගනුදෙනුකරුවන්ට දෙන ණය පොලී අනුපාතය අහස උසට යයි
මහ බැංකුව මඟින් නිකුත් කරන ලද නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාවලට අනුව, 2026 වසරේ මුල් මාස හය තුළ ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය විශාල ලෙස පුළුල් වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව 2025 වසරේ මුල් මාස හය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 3,270ක්ව පැවති වෙළඳ හිඟය, 2026 වසරේ අදාළ කාලය වන විට ඩොලර් මිලියන 5,489ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
එයට ප්‍රධානතම හේතුව අපනයන ආදායමට වඩා ආනයන වියදම වේගයෙන් ඉහළ යාම බව පවසයි.
එමෙන්ම 2026 ජූනි මාසය වන විට ආනයන වියදම ඩොලර් මිලියන 12,392ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 26.9%ක වර්ධනයක් වේ.
අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්
තවද වසරේ මේ දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 7.6%කින් අගය පිරිහීමට ලක්ව ඇත.
ඊට අමතරව සංචාරක ක්ෂේත්‍රයේ ද යම් පසුබෑමක් දක්නට ලැබෙන අතර, 2025 ජූලි මාසයේදී 200,244ක් වූ සංචාරක පැමිණීම 2026 ජූලි මාසය වන විට 196,845 දක්වා පහත වැටී තිබෙනවා.
තවද වාණිජ බැංකු මඟින් ප්‍රමුඛ පෙළේ ගනුදෙනුකරුවන්ට ලබාදෙන ණය පොලී අනුපාතය පසුගිය සතියට සාපේක්ෂව ඉහළ ගොස් ඇති අතර, එය 10.76%ක් වශයෙන් සටහන් වන බව සඳහන්.
එමෙන්ම පිටකොටුව තොග වෙළඳපොළේ දත්තයන්ට අනුව එළවළු වර්ග රැසක මිල ගණන් පසුගිය මාසයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.